බස් වර්ජනය අවසන් කිරීමට ජනපතිගේ Call එකක්

Saturday, December 24, 2011

බස්නාහිර පළාතේ පෞද්ගලික බස් වර්ජනය අවසන් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මැදිහත්ව සිටිනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ  සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ උත්සවය සමය උදා වී ඇති බැවින් වර්ජනය අත්හිටුවන්නැයි ජනාධිපතිවරයා දුරකථනයෙන් ඉල්ලීමක් කළ බවයි. ඊට දක්වන ප‍්‍රතිචාරය කුමක්දැයි සංගමයේ සෙසු නිලධාරීන් සමග සාකච්ඡා කර මධ්‍යහ්න 12ට පෙර අවසන් තීරණයට එළැඹෙන බවද ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum