උසස් පෙළ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනපති කමිටුවේ වාර්තාව වහා ප‍්‍රසිද්ධ කරන ලෙස ගුරු සංගම් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශෆ් ස්ටාර්ලින් මහතා ප‍්‍රකාශ කළේ වාර්තාවේ අඩංගු කරුණු රටේ ජනතාව දැනගත යුතු බවයි.
මේ අතර මෙම කමිටුව මගින් ප‍්‍රතිඵල ගැටලූ සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කළද ඉන් සමස්ත ශිෂ්‍ය ප‍්‍රජාවට කිසිදු සාධාරණයක් ඉටුවී නැතැයි ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එහි ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප‍්‍රකාශ කළේ කමිටුව ප්‍රෝඩාකාරී බව ඉන් මනාව තහවුරු වන බවයි.
කමිටුවේ වාර්තාව ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබුවා. ප‍්‍රතිඵල දත්ත පරිගණක ගත කිරීමේදී කිසියම් අත්වැරැද්දක් සිදුව ඇති බවයි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම පැරණි පරිගණක වැඩසටහනක් භාවිත කර ඇති බවද විද්වත් කමිටුව නිරීක්ෂණය කර තිබෙනවා.
0 comments:
Post a Comment