ගයත‍්‍රි ඩයස් යනු අපි ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්. ඇය රංගන ශිල්පිනියක් වගේම අද වන විට රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙසත් එකසේ ජනප‍්‍රියයි. මේ රිවිර සති අන්ත පුවත්පත ඇය සමග කළ සංවාදයකින් උපුටාගත් කොටසක්.
මේ දවස්වල කොහොමද කටයුතු?
ගෙවෙන්නේ හරිම අමාරුවෙන්.
ඔබ ජීවිතය සැහැල්ලූවෙන් ගතකළ කාලය මතකද?
එහෙම සැහැල්ලූවෙන් හිටිය කාලයක් මතකයට එන්නේම නැහැ.
ඇයි එහෙම කියන්නේ? දැන් සැහැල්ලූවෙන් නෙමෙයිද ඉන්නේ?
මම දන්න කාලෙක ඉදන් මම සැහැල්වෙන් ඉදලා නැහැ. කාලෙක ඉදලා මම හරිම කාර්යය බහුලයි. අදටත් ඒක එහෙමම තමයි.
විවාහ ජීවිතේ කියන්නේ බරක්ද?
ඔව් එක්තරා විදිහක බරක්.මට දැන් හිතෙනවා මම විවාහ නොවී හිටියානම් හොදයි කියලා.
විවාහ වෙන්න කලින් ඒ ගැන හිතුවේ කොහොමද?
මෙහෙම ප‍්‍රශ්න වෙයි කියලා ඒ කාලේ හිතුවේ නැහැ.
විවාහය කියන්නේ ගැහැණියක් සීමා මායිම්වලට අහුවෙනවා කියන එකද?
ඔව්. එතන සීමා මායම් තිබුණොත් එතන අර්බුදයක් ඇති වෙනවා.
ජනප‍්‍රිය කෙනෙක් වුණාම කටකතා හැදෙනවා. ඒවායින් පවුල් ජීවිතයට බලපෑමක් ඇතිවෙලා තියෙනවද?
ඔව්. කටකතාවක් හැදෙන්න පුංචි හරි හේතුවක් තියෙන්න ඕන. අපි දෙන්නා අතරත් එහෙම ප‍්‍රශ්න නැතුවාම නොවේ. මොනවා වුණත් අපි දෙන්නා එක ගෙදරක තවම ඉන්නවා. ගෙදර ප‍්‍රශ්න එළියට ගියාම කටකතා ඇති වෙනවා.
පවුල් ජීවිතේ ඔබ කළකිරුණු අවස්ථා තියෙනවද?
පවුල් ජීවිතේ ගතකරන එක හරිම අමාරුයි. කළකිරුණු අවස්ථා ගොඩක් තියෙනවා. නමුත්, මම දුක්වෙන්නේ නැහැ. සමබරව ඉන්නවා.
ලබන ආත්මයෙත් චන්න පෙරේරා ඔබේ ස්වාමි පුර්ෂයාම වෙන්න කියලද ඔබ ප‍්‍රාර්ථනා කරන්නේ.?
නෑ. නෑ මම කවදාවත් එහෙම ප‍්‍රාර්ථනා කරන්නේ නැහැ. එයාගේ අතිනුත් වැරදි සිදුවෙලා තියෙනවා. මගේ අතිනුත් වැරදි සිදුවෙලා තියෙනවා. ලබන ආත්මෙදී තනියම ඉන්න ලැබෙන්න කියලා තමයි මම ප‍්‍රාර්ථනා කරන්නේ.
නෑ. වැරදුන තීරණ ඕන තරම් තියෙනවා. ඒ හැම එකක්ම ම තනියම ගත්ත තීරණ.
කේන්දර විශ්වාස කරනවද?
ඔව්.
පුංචි කාලේ කේන්දර බලලා කවුරුහරි කිවුවද අනාගතේ ඔබ මේ වගේ වෘත්තියක් කරයි කියලා?
නෑ.එහෙම නෑ. සාර්ථක කෙනෙක් වෙයි කියලා නම් කියලා තිබුණා.
ලග්නෙ මොකද්ද? ඒකට අනුවද වැඩ කරන්නේ?
මිථුන. නෑ. මම කවදාවත් ලග්නවලට කේන්දරවලට මුල්තැන දීලා කටයුතු කරලා නෑ.
ඔබව හ`දන්වනවාට කැමති රංගන ශිල්පිනියක් හැටියට ද? ව්‍යපාරික කාන්තාවක් හැටියටද?
රූපලාවන්‍ය ශිල්පිනියක් හැටියට හ`දුන්වනවාට මම කැමතියි.
ඔබට තියෙන්නේ එකවරක් බැලූවොත හැරිලා බලන රූපයක් ද?
ඒක නම් මම දන්නේ නැහැ. මට තේරෙන විදිහට මම එහෙම කෙනෙක් නෙමේ.
අනාගත බලාපොරොත්තු කිවුවොත්?
දරුවන් දෙන්නාට උගන්වලා සතුටින් ඉන්න.
0 comments:
Post a Comment