අමෙරිකාව යනු ලෝකයේ සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රික රටලු. මිනිස්අයිතිවාසිකම් ගැනත් ලෝක සාමය ගැනත් ඔවුන් කථාකරන්නේ මහ ඉහළින්. ඊජිප්තුවේත්, ටියුනිසියාවේ සහ ලිබියාවෙත් දැන් සිරියාවෙත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් ගැන ඔවුන්ට තියෙන්නේ ලොකු කැක්කුමක්. එවැනි උද්ළෝෂණ වලට හේතුව ඒ රටවල පාලකයන් ප‍්‍රජාන්ත‍්‍රවාදය ගරු නොකිරීම හා මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමලු.
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල ගැනත් අමෙරිකාවට තියෙන්නේ ලොකු බයක්. න්‍යෂ්ටින වැඩපිළීවෙල සාමකාමී අරමුණින් සිදුකරන බව ඉරානය පුන පුනා කියද්දිත් අමෙරිකාව අවධාරනය කරන්නේ ඉරානය උත්සහ කරන්නේ න්‍යෂ්ටික අවි නිපදවන්න කියලයි.
පකිස්ථානයේ දේශසීමාවට අනවසරයෙන් ඇතුළු වී ඔසාමා බින් ලාඩ න් ඝාතනය කිරීම ගැනත්, එරටට ගුවන් ප‍්‍රාර එල්ල කර හමුදා සාමාජිකයන් මෙන්ම සිවිල් වැසියන් ද ඝතනය කිරිම ගැනත් තවම උත්තර නොබැන්දත් එල් ටී ටී ඊ ය පරාජය කිරීමට කෙරුණූ සටනේ දී ශ‍්‍රී ලංකාවේ හමුදාවන් විසින් යුධ අපරාධ කඩ කල බවට දෙස් දෙවොල් තියන්නත් අමෙරිකාවට කිසිම ප‍්‍රමාදයක් නෑ.
කරණූ මෙහෙම තියෙද්දි අමෙරිකාව හෙල්ලුම් කවන දර්ශන පෙළක් අන්තර්ජාලයට එක්වෙලා. ඒ දර්ශන පෙළෙන් නිරූපණය කෙරෙන්නේ ඝාතනයට ල්කවූ තලෙයිබාන් සටන්කාමීන් කිහිපදෙනනෙකුගේ සිරුරු මතට අමෙරිකානු හමුදා සාමාජිකයන් පිරිසක් විසින් මුත‍්‍රා කරන අන්දමලු.
මේ ගැන් අමෙරිකාවේ අරෙකිවේ උත්තරේ නිහඩවීම දැයි ලෝකයම විමසිල්ලෙන්.
0 comments:
Post a Comment