එක්දින කි‍්‍රකට් ඉතිහාසයේ මෙතෙක් ලැබූ දරුණුම පරාජයේ අමිහිරි වේදනා විඳීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඊයේ(ජන 11) සිදු වුණා. ඒ දකුණු අපි‍්‍රකාව හමුවේ ලකුණු 258කින් පරාජය වෙමින්. පර්ල් හි බෝලන්ඞ් පාර්ක් කී‍්‍රඩාංගණයේදී එම තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව කඩුලූ 8 ක් දැවී ලකුණු 301 යි. හෂිම් අම්ලා පන්දු 128කදී ලකුණු 112ක් ලබා ගත්තා. ජක් කලීස් ලකුණු 72 යි. ඒ බී ඩිවිලියර්ස් පන්දු 40කදී ලකුණු 52ක් ලබා ගත්තා. ලසිත් මාලිංග ලකුණු 54කට කඩුලූ 5යි. එය මාලිංග එක්දින තරගයකදී කඩුලූ 5ක් දවා ගත් පස්වැනි අවස්ථාව වනවා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම සියලූ දෙනා දැවී රැුස් කර ගත්තේ ලකුණු 43 ක් පමණයි. කෝසල කුලසේකර කුලසේකර ලකුණු 19ක් ලබා ගත්තා. සෙසු සියලූ පිතිකරුවන් ලකුණු 10ට වඩා අඩුවෙන් දැවී යාම විශේෂත්වයක්.
ලෝක ඉතිහාසයේ එක්දින කි‍්‍රකට් තරගයකදී කණ්ඩායමක් ලැබූ 4 වැනි දරුණුම පරාජයද , ශී‍්‍ර ලංකාව ලැබූ දරුණුම පරාජය මෙය වනවා. මීට පෙර ඔවුන් ලැබූ දරුණුම පරාජය වූයේ 1985 වසරේදී ඔස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 232කින් ලැබූ පරාජයයි.
ශී‍්‍ර ලංකා කණ්ඩායම එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවද ඊයේ සටහන් වුණා. ලෝකයේ ඕනෑම කණ්ඩායමක් එක්දින තරගයකදී රැුස් කළ 4 වැනි අඩුම ලකුණු සංඛ්‍යාවද එයයි. මීට පෙර සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35කට සහ ලකුණු 38කටද කැනඩාව ලකුණු 36කටද දැවී ගොස් තිබෙනවා. විශේෂත්වය වන්නේ එම අවස්ථා තුනේම ප‍්‍රතිවාදීන් වූයේ ශී‍්‍ර ලංකාව වීමයි.
මේ අතර ශී‍්‍ර ලංකා කණ්ඩයමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබා දැවී ගිය දෙවන අවස්ථාව ඊයේ සටහන් වුණා. ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනොගෙන් 3 දෙනෙකුම ලකුණු නොලබා දැවීගිය 3 වැනි අවස්ථාවද එයයි.
0 comments:
Post a Comment