ආණ්ඩුව තවත් කෙටුම්පතක් හකුලා ගනී

Friday, January 13, 2012

පෞද්ගලික විශ්ව විද්‍යාල පනත ලෙස ප‍්‍රකට වූ ප‍්‍රමිති ආරක්ෂණ වරප‍්‍රසාද හා සුදුසුකම් රාමුව යන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකෙරෙනු ඇතැයි වාර්තා පළ වනවා. කැබිනට් රැස්වීමකදී ආණ්ඩුව එම තීරණයට එළැඹ ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.
කුමන නමකින් ඉදිරිපත් කළද අදාළ කෙටුම්පතින් සිදුවන්නේ නිදහස් අධ්‍යාපනය අවදානමට ලක්වීම බවට පාර්ශ්ව කිහිපයකින් චෝදනා එල්ල වුණා. විශ්ව විද්‍යාල කිහිපයක සිදු කෙරෙමින් ඇති ශිෂ්‍ය අරගලවල ප‍්‍රධාන අපේක්ෂාවක් වූයේද එම කෙටුම්පත ඉවත්කරවා ගැනීමයි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයද එම කෙටුම්පතට විරෝධය පළ කළා. ආණ්ඩුවේම පාර්ශ්වකරුවන් වන අමාත්‍ය විමල් වීරවංශ සහ අමාත්‍ය පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද එම කෙටුම්පත විවේචනය කිරීම විශේෂත්වයක්. කෙසේ වෙතත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා දිගින් දිගටම පැවසුවේ කෙටුම්පත සකස් කර ඇත්තේ නිදහස් අධ්‍යාපනය වැනසීමට නොව එය විධමත් කිරීමට බවයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum