මෙතෙක් කළ අරගලයෙන් සතුටුදායක ජයග‍්‍රහණයක් ලබාගත් බව ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසනවා. එමගින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ විශ්ව විද්‍යාලයීය උප කුලපතිවරයාගේ කටයුතු සොයා බැලීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් කමිටුවක් පත්කර ඇති බවයි. මෙතෙක් කල් අරගල කළේ උප කුලපතිවරයාගේ අත්තනෝමතික කටයුතු ආණ්ඩුවට සහ මහජනතාවට පෙන්වාදීමට බවද සඳහන් කර තිබෙනවා. පත්කරන ලද කමිටුව අපක්ෂපාතීව කටයුතු කරමින් ඒ බව තහවුරු කරනු ඇතැයි විශ්වාස කරන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
මේ අතර අධ්‍යාපන පෞද්ගලීකරණයට සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල දෝෂවලට විරෝධය පළ කරමින් රුහුණ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයන් ස්ථාන 4කදී ඊයේ (ජන 11) විරෝධතාවල නිරත වුණා. එලෙස කෙරුණු විරෝධතාවලට පොලීසියෙන් බාධා ද සිදු වුණා. එවැනි බාධා කිරීම් නොතකමින් අරගලය අඛණ්ඩව මෙහෙයවන බවයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසන්නේ.
0 comments:
Post a Comment