උසස් පෙළ ගැටලූ සෙවූ කමිටු වාර්තාව ජනපතිගේ අධීක්ෂණයට.

Thursday, January 12, 2012

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල දෝෂ සම්බන්ධයෙන් සොයා බැලූ පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක්ව තිබෙනවා. එම අධීක්ෂණයෙන් පසු ගත යුතු ඉදිරි පියවර ජනාධිපතිවරයා විසින් තීරණය කරනු ඇතැයි සඳහන්. 
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ ලේකම් ධාරා විජේතිලක මහත්මිය පංච පුද්ගල කමිටුවේ සභාපතිත්වය දැරුවා. අවසන් වාර්තාව සකස් කෙරුණේ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් මෙන්ම අසාධාරණයට ලක් වූ බව කියන විභාග අපේක්ෂකයන්ගෙන්ද අදහස් ලබා ගැනීමෙන් බවයි ඇය පවසන්නේ. එම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීම ඊයේ (ජන 11) පස්වරුවේ සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum