දකුණු ආසියාවේ සුරක්ෂිතම නගරය කොළඹ ?

Thursday, January 19, 2012

දකුණු ආසියාවේ වඩාත්ම සුරක්ෂිත නගරය බවට කොළඹ නගරය පත් කිරීම සඳහා වැඩසටහන් කි‍්‍රයාත්මක බව පොලීසිය පවසනවා. පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ මේ සඳහා අධිආරක්ෂිත කැමරා පද්ධති නවීකරණයට පියවර ගෙන ඇති බවයි.  එම  කටයුතු කඩිනමින් අවසන් කරනු ඇති බවද  අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා. 

කොළඹ නගරයෙන් අනතුරුව අනුරාධපුර සහ මහනුවර වැනි නගරවලද මෙම කැමරා පද්ධති ස්ථාපිත කිරීමට යෝජනා වී තිබෙනවා. එම කටයුතුද කඩිනම් කෙරෙනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් විශ්වාසය පළ කළේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum