මීගමුවේ කතකගේ හොරා පොලිස් සෙල්ලම

Wednesday, January 18, 2012

අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජා ඇල ප‍්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගනු ලැබු බවයි පොලිසිය කියා සිටියේ. මුලතිව් ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරින්ට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඇය පවසා ඇත්තේ තමා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක බවයි. එම ප‍්‍රදේශවල අතුරුදන් වුවන් වෙතොත් ඔවුන් සොයා දීමට හැකි බවත් ඒ සඳහා තමන්ට මුදල් ලබා දිය යුතු බවත් ඇය ප‍්‍රකාශ කර තිබෙනවා. මෙලෙස ඇය පුද්ගලයින් ගණනාවකගෙන් සිය බැංකු ගිණුම වෙත මුදල් ද තැන්පත් කරවා ගෙන තිබුණා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව දුරකථන සිම්පත් කිහිපයක් සහ බැංකු ගිණුම් පොත් කිහිපයක් ද තිබු බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum