සිරකරුවන්ගේ තර්ජනාත්මක දුරකතන ඇමතුම්වලට අනුව ඔවුන් ප‍්‍රකාශ කරන බැංකු ගිනුම්වලට කප්පම් නොගෙවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියාග මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුමිත් එදිරිසිංහ මහතා මාතර ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයන් කැඳවා මේ බව ඊයේ පස්වරුවේ දැනුම් දුන්නාග සිර මැදිරිවල සිට මෙහෙයවන කප්පම් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දස දෙනෙකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවාග ව්‍යාපාරික ස්ථානවල ආරක්ෂිත කැමරා සහ තාක්ෂණික උපකරණ සවි කිරීමෙන් එවැනි කප්පම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවන බව ඔහු පෙන්වා දුන්නාග මාතර ප‍්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් තිදෙනෙකු කප්පම්කරුවන්ට පසුගිය දිනක රුපියල් ලක්ෂ 18ක මුදලක් ලබාදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
0 comments:
Post a Comment