යන්ත‍්‍ර කි‍්‍රයා කිරීමට භාවිත කරන පොම්පයක් අධික ලෙස රත්වීම නිසා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි අක‍්‍රිය වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම යන්ත‍්‍ර සිසිල් වනතුරු විදුලිබල නිෂ්පාදනය ආරම්භ කළ නොහැකි බවයි මණ්ඩලය ප‍්‍රකාශ කරන්නේ. ඒ සඳහා දින 3කට අධික කාලයක් ගත වනු ඇතැයි ඉංජිනේරුවන් විශ්වාසය පළ කළා. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ කටයුතු ආරම්භ කිරීමෙන් පසු මේ වන විට අවස්ථා විස්සකදී විදුලිබල උත්පාදනයට බාධා පැමිණුනා. මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට මෙමගින් එක් කෙරෙනවා. බලාගාරය අකි‍්‍රය වීම නිසා වෙනත් ක‍්‍රම මගින් විදුලිය ලබා ගැනීමට රුපියල් දස ලක්ෂ 80ක මුදලක් දිනකට වැය වන බවයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ.
0 comments:
Post a Comment