පුංචි ආණ්ඩුවකින් මහා ආණ්ඩුවට චෝදනා.

Saturday, January 21, 2012

ඉහළ කොත්මලේ ජලවිදුලි බලාගාරය ඉදිකිරීමේ දී පොරොන්දු වූ සංවර්ධන කටයුතු මෙතෙක් ඉටුකර නොමැති බවට තලවාකැලේ ලිදුල නගර සභාව චෝදනා කරනවා. එහි සභාපති අශෝක සේපාල මහතා ප‍්‍රකාශ කළේ අවතැන් වූවන් සදහා නිවාස 297 ක් ඉදිකළ ද මෙතෙක් ඔප්පු ලැබී නොමැති බවයි. පොදු පහසුකම් ද ලැබී නොමැති බවට ඔහු චෝදනා කළා. නගර සභාවට ආදායම් ලැබූ ස්ථාන රැසක් ව්‍යපෘතිය හේතුවෙන් අහිමිවූ බව ද සභාපතිවරයා පවසනවා. පොරොන්දු ඉටුකරන ලෙස ඉල්ලා සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවද ඒවා ඵලරහිත වූ බවයි ඔහු අවධාරණය කර සිටියේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum