අමෙරිකාවට ප්‍රහාරයක්

Saturday, January 21, 2012

අමෙරිකාවේ රාජ්‍ය වෙබ් අඩවි කිහිපයක් සයිබර් ප‍්‍රහාරයකට ලක්ව තිබෙනවා. එවැනි ප‍්‍රහාරයක් නිසා එෆ්.බී.අයි. රහස් ඔත්තු සේවයේ වෙබ් අඩවිය පෙරේදා රාතී‍්‍ර සිට අකර්මන්‍ය වී ඇතැයි විදෙස් වාර්තා පවසන්නේ. ෆෙඩරල් අධිකරණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියද ප‍්‍රහාරයට ලක්ව තිබෙනවා. ගීතමය වෙබ් අඩවි කිහිපයක්ද ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. යුනිවර්සල් මියුසික් ගෲප් , මෝර්ෂන් පික්චර් ඇසෝසියේෂන් ඔෆ් අමෙරිකා සහ ආර්.අයි.ඒ.ඒ එලෙස ප‍්‍රහාරයට ලක් වූ ගීතමය වෙබ් අඩිවියි. ඇනොනිමස් නම් ප‍්‍රකට සයිපර් ප‍්‍රහාරකයන් විසින් ප‍්‍රහාරය සිදු කරන්නට ඇතැයි සැක පළ වනවා. 
මේ අතර ප‍්‍රකට ගීතමය වෙබ් අඩවියක් වූ මෙගා අප්ලෝඞ් , අමෙරිකාවේ එෆ්.බී.අයි රහස් ඔත්තු සේවය විසින් ඉකුත්දා වසා දැමුණා. එම වෙබ් අඩවිය දිනපතා මිලියන 50ක් පමණ ග‍්‍රහකයන් විසින් භාවිත කරන්නක්. එෆ්.බී.අයි. ඇතුළු වෙබ් අඩවිවලට පසුව එල්ල වූ ප‍්‍රහාරය එම වෙබ් අඩවිය වසා දැමීමට පළි ගැනීමක් යැයි ඇතැම් පිරිස් අර්ථ දක්වනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum