ඉන්දීය ධීවරයින් පිරිසකට ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් පහරදී ඇති බව ඉන්දීය මාධ්‍ය අද (ජන 24) වාර්තා කළා. කච්චතිව් දූපත ආසන්නයේදී මෙම පහරදීම සිදුව තිබෙනවා. රාමේෂ්වරම් ප‍්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ඉන්දීය ධීවරයින් පිරිසකටයි මෙම ප‍්‍රහාරය එල්ල වී ඇත්තේ. අදාළ මාධ්‍ය වාර්තා ප‍්‍රතික්‍ෂේප කරන බව නාවික හමුදා ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා කියා සිටියා. වගකිවයුතු සහ වෘත්තීය හමුදාවක් වන ශී‍්‍ර ලංකා නාවික හමුදාව එවැනි කි‍්‍රයාමාර්ග අනුගමනය නොකරන බවයි ඔහු සඳහන් කළේ. පසුගිය 22 වැනිදා ධීවරයන් 9 දෙනෙකු සහ යාත‍්‍රා දෙකක් මන්නාරම් මුහුදේ අතරමං වී සිටියදී මුදාගත් බවයි ඔහු අවධාරණය කර සිටියේ.
0 comments:
Post a Comment