‍ෆොන්සේකාට දුන් අධිචෝදනා පත්‍රය දෝෂ සහිතයිලු

Monday, January 23, 2012

හමුදාවෙන් පළාගිය 10 දෙනෙකුට වැටුප් හා නවාතැන් සපයා දී රාජපාක්ෂික භාවයෙන් ඉවත් කළේයැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ඔහුගේ ලේකම්වරයෙකු වූ සේනක සිල්වා යන මහත්වරුන්ට පනවා ඇති නඩුව කොළඹ මහාධිකරණයේ දී අද කැදවනු ලැබුවා. මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ එම නඩුව ලබන මස 21 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බවයි. සුනිල් රාජපක්ෂ මහතා ඉදිරියේ නඩුව විභාගයට ගැනීමට විරෝධතාවක් නොමැති බව සරත් ෆොන්සේකා මහතා විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශ කළා. නීතිපතිවරයා විසින් අධිකරණයට භාරදුන් අධිචෝදනා පත‍්‍රයේ අධිචෝදනා  41 ක් ඇතුළත්. විත්තිකරුවන් වන සරත් ෆොන්සේකා සහ සේනක සිල්වා යන මහත්වරුන්ට එම අධිචෝදනා කියවා දීමද අද  සිදුකෙරුණා. රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දමිත් තොටවත්ත මහතා පැවසුවේ අධිචෝදනා පත‍්‍රයේ දෝෂ කිහිපයක් ඇති බවයි. ඒවා නිවැරදි කිරීම විවෘත අධිකරණයේ දීම සිදුවූ බව THE TRUTH වාර්තාකරු පවසනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum