සජිත්ගේ මාතලේ රැස්වීම ගැන රනිල් වාර්තාවක් කැදවයි

Monday, January 09, 2012

පක්ෂයේ සම්ප‍්‍රදායටත්, ඉතිහාසයටත් විරුද්ධ වන පුද්ගලයින් විනාශ වන බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ පවසනවා.  විපක්ෂ නායක කාර්යාලයේ අද පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ. මෙම උත්සවයට එක්ව සිටි ස්වාමීන් වහන්සේලාගෙන් විපක්ෂ නායකවරයා ඉල්ලීමක් ද කළාග ඒ සිරිකොත මන්දිරයට එල්ල කළ ප‍්‍රහාරයට සම්බන්ධ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිළිබද මල්වතු පාර්ශවයේ කාරක සභාවට දැනුම් දී විනය පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසගේ ප‍්‍රධානත්වයෙන් මාතලේ පසුගිය සෙනසුරාදා පැවැති රැස්වීම පිළිබඳ සොයා බලා තමන් වෙත වහාම වාර්තාවක් ලබාදෙන ලෙස විපක්ෂ නායකවරයාල එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායකට උපදෙස් දී තිබෙනවාග විපක්ෂ නායක කාර්යාලය සඳහන් කළේ අදාල වාර්තාව එළඹෙන පක්ෂ උපදේශක කමිටු රැස්වීමට පෙර ලබාදෙන ලෙස දැනුම් දී ඇති බවයිග එම රැස්වීමට සහභාගි වූ පක්ෂ නිලධාරීන්ගේ සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ නම් ලැයිස්තුව මෙන්ම එහිදී සාකච්ඡා වූ කරුණු පිළිබඳ සොයා බලා දන්වන ලෙස ද විපක්ෂ නායකවරයාල මෙහිදී පක්ෂ මහලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවාග

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum