සමහරු ජනප‍්‍රියත්වය හොයාගෙන යනවා. තවත් සමහරු ළගට ජනප‍්‍රියත්වය හොයාගෙන එනවා. එක රැයකින් ජනප‍්‍රිය වෙන අයත් ඉන්නවා. ටිකක් අතීතයට ගියොත් ගායන ලෝකයේ දී එක රැයකින් ජනප‍්‍රිය සිහින කුමරා වීමේ වාසනාව ලැබුණේ නාමල් උඩුගමට. නාමල්ගෙන් පසු ඒ වාසනාව ලැබුණේ ශෙහාන් මිහිරංගට.
ශෙහාන් සතිඅන්ත දිවයින පුවත්පත සමග කරපු සාකඡචාවකින් උපුටාගත් කොටසක් මේ.
ශෙහාන් කොහොමද නව වසරේ වැඩකටයුතු?
පසුගිය කාලේ අතපසු වූ දේවල් මොනවාද කියලා වටහාගෙන හොදින් කරගෙන යනවා. ගිය වසරට වඩා මේ වසර හොදවෙයි කියලා ධනාත්මකව හිතනවා.
හොද නොවී කොහොමද? අපිටත් ආරංචියි මේ වසරේ ඔයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙනවා කියලා.
ඒ කිවුවේ මොනවගේ දෙයක් ගැනද? මට ප‍්‍රශ්නය අපහැදිලියි.
ශෙහාන් මිහිරංග ළගදීම විවාහ වෙනවා කියන්නේ.?
ඔය ගීතයක් නිසා ඇතිවුණු කතාවක්නෙ. " මේ ඇස් දිහා බලන්න " ගීතය තමයි ඔය කතාවට මුල් වුණේ. ශෙහාන්ගේ පෙම්වතිය ඔය ගීතයට කැමති නිසා ලොකු වියදමක් කරලා ශෙහාන් පෙම්වතිය සනසන්න ගීතය ගත්තා කියලා තමයි කතාව යන්නේ.
ඒ කියන්නේ ශෙහාන් විවාහ වෙන්නෙත් නෑ?
මම එහෙම කිවුවේ නැහැනේ. කවදද, කොහෙදිද කියලා තවම තීරණය කරලා නැහැ. විවාහ නොවී ඉන්න බැහැනෙ. කවදාහරි විවාහ වෙන්න එපැයි.
එහෙනම් පෙම්වතියකුත් ඇතිනේ?
ඔව් ඉතිං. මේ වගේ වයසකදී පෙම්වතියක් නැහැ කිවුවොත් මට ලෙඩක් තියෙනවා කියලා හිතයි. පෙම්වතියක් ඉන්නවා. හැබැයි දැන්ම විවාහ වෙන්නේ නැහැ.
පෙම්වතිය කවුද කියලා කියන්න අකැමතිද?
මම ආදරේ කරන කෙනෙක්. කලා ක්ෂේත‍්‍රයේ නම් නෙමෙයි. කොහොමටත් මම කලා ක්ෂේත‍්‍රයට සම්බන්ද කෙනෙක් බදින්නේ නෑ. ඒක නම් ස්ථිරව කියන්න පුළුවන්. ඒ, ගැන ඒ ඇති.
එංගලන්තෙ පැත්තේ දීර්ඝ සංචාරයක් කරන්න සූදානමක් තියෙනවා කියන්නේ ඇත්තද?

සමාජ සත්කාර වැඩක් වුණත් ඔබ වෘත්තීය ගායකයෙක් නිසා ඔබ ඔබේ අයකිරීම එලෙසම කළා නේද?
මම වෘත්තීය ගායකයෙක් බව ඇත්ත. නමුත්, මේ ෂෝ එක කරන අරමුණ හොද එකක් නිසා සාධාරණ මුදලක් තමයි මම අය කළේ. ඒක ඒ, සංවිධායකයන්ටත් මටත් දෙපැත්තටම සාධාරණයි. බොරු නම් මේ ෂෝ එක අධ්‍යක්ෂණය කරන රවින්ද්‍ර විජේරත්නගෙන් ඔබට අහන්න පුළුවන්. දෙමපියන්ගෙ රැකවරණය අහිමි අපේ රටේ ළමයින්ට රැකවරණමධ්‍යස්ථානයක් සහ පාසලක් හදන්නයි මේ ෂෝ එකේ පරමාර්ථය. ඒ නිසාමයි පෙබරවාරි මාසය වගේ කාලයේදී අපි ටුවර් කරන්නේ නැති වුණත් වැඬේට කැමති වුණේ.
නාමල් උඩුගමගේ ” රැ සිහිනෙන් ” ගීතය ගැයීම නිසා ඇති වූ අවුල තාම තියෙනවද?
ඒකේ කිසිම අවුලක් තිබුණේ නැහැ. මෙච්චර කාලෙකට නාමල් අයියගේ කටින්වත් එහෙම දෙයක් පිටවෙලා නැහැ. අනික මම නාමල් අයියත් එක්ක තවත් සිදු 05 ක් කරන්න යන්නේ. අපි දෙන්නා අතර ගැටළුවක් තියෙනවනම් එහෙම එකට වැඩක් කරන්න බැහැනෙ. ” රැ සිහිනෙන් ” ගැයීමෙන් මට වගේම එය පෙර ගැයූ නාමල් අයියටත් හොදක් මිස නරකක් වෙලා නෑ.
ටෙලි නාට්‍ය රංගනයට ලැබුණු ආරාධනා ප‍්‍රතික්ෂේප කළේ ඇයි?
රගපාන්න හැකියාවක් නැතැයි කියලා හිතුණ නිසා. ඒක ආවාට ගියාට කරන්න බැහැ. හැදෑරීමක් ඇතිව කරන්න ඕන දෙයක්. සමහරවිට හිතුණොත් ඉදිරයේ දී හදෑරීමකට පසු රංගනයට යොමුවෙන්න පුළුවන්. මොකද ඕනම දෙයක් හිතුවොත කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක් මම.
කාන්තා පාර්ශවයෙන් ඔබට බොහොම ලෙංගතුයි. නමුත් පිරිමි පාර්ශවයෙන් ඔබ ගැන තියෙන ආකල්පය ඊට ප‍්‍රතිවිරුද්ධයි. ඔබ ක්ෂේත‍්‍රයට පැමිණි මුල් යුගයේ මේ බව හොදින් පෙනුණා. දැන් කොහොමද?
දැනටත් ඒවා නැත්තටම නැතිවෙලා නැහැ. නමුත් මුල් කාලේ වගේ තදබල ලෙස නෑ. දැන් මම ක්ෂේත‍්‍රයට ඇවිත් වසර 07 ක් වෙනවා. එළිමහන් සංදර්ශනවලදී වැඩිපුර ඉන්නේ පිරිමිනේ. ඒ රසිකයො දැන් මගෙත් එක්ක එකට ඉදන් ෆොටෝස් ගන්න පවා එනවා. ඉතින් දැන් නම් ඒ තත්වය සරළ සාමාන්‍ය වෙලා කියලා දැනෙනවා.
ඔබේ අළුත් ගීත එකතුවක් එන්නේ කවදාද?
පෙබරවාරිවල එංගලන්ත සංචාරයට කලින් අලූත් ගීත ඇල්බමය නිකුත් කරන්නයි බලාපොරොත්තුව. ඒකට මම නම තිබ්බේ ”එරස්” කියලා.
”එරස්” වැරදීම් කියන නම යෙදවීමට හේතුව?
මගේ ජීවිතයේ වෙන වෙනස්වීම් හැල හැප්පීම් එක්ක තමයි මෙච්චරකල් කළ හැම ගීත ඇල්බමයක්ම හැදුනේ. සුපර් ස්ටාර් වෙන්න කලින් ගීත ඇල්බමයක් හදන්න මම එහෙ මෙහෙ දිවුවා. ඒක හරි ගියාම ”ඞී‍්‍රම් ඔෆ් ෂෙහාන්” කියලා මම ඒකට නම තිබ්බා. දෙවැනි ඇල්බම් එක එනකොට මම ජනප‍්‍රිය වෙලා. ඒ නිසා ”ඞී‍්‍රම් ටූ - මයි ලයිෆ්” කියලා දෙවෙනි ඇල්බමයට නම තිබ්බා. පසුගිය කාලේ ජීවිතේ ගෙවුණේ බොහොම හැලහැප්පීම්, ප‍්‍රශ්නත් එක්ක. මගේ ගීත ලියන්නෙත් මමනේ. ඒ අවුල් සහගත කාලේ ලිවු ගීත. ඒ නිසා ඞී‍්‍රම් ත‍්‍රි - ”එරස්” කියලා නම් තිබ්බා.
0 comments:
Post a Comment