රැ 12 න් පස්සේ සෙල්ලම් බෑ.......

Monday, January 09, 2012

රජරට විශ්වවිද්‍යාලයේ - සාලියපුර පිහිටි වෛද්‍ය පීඨය ඉදිරිපිට සහ ඒ අවට ගොඩනැගිලිවල අනවසරෙන් රැදී සිටින සියළුම සිසුන් අද (09) රාත‍්‍රී 12.00ට පෙර අවම බලය යොදා ඉවත් කරන ලෙස අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුවන්තිකා මාරපන, අනුරාධපුර පොලීසියට අද (09) පස්වරුවේ නියෝග කර තිබෙනවා. අධිකරණ නියෝගයට අනුව රාත‍්‍රී 12.00ට පෙර සිසුන් එම ස්ථානයෙන් ඉවත්ව නොයන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා. අනුරාධපුර මූලස්ථාන පොලිසිය කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum