ඉරානයේ අනතුරු ඇගවීම් නොසළකා හරිමින් අමරිකානු යුද නෞකා පෙළක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගල්ෆ් මුහුදට පිවිස තිබෙනවා. ඉකුත් දෙසැම්බර් මාසයෙන් පසු අමෙරිකානු යුද නෞකා පෙළක් ගල්ෆ් මුහුදට පිවිසි පළමු අවස්ථාව මෙයයි. යූ.එස්.එස්. ඒබ‍්‍රහම් ලින්කන් නමැති ගුවන් යානා ප‍්‍රවාහන නෞකාවක් පරිවාර යාත‍්‍රාත් එලෙස ගල්ෆ් මුහුදට පිවිස තිබෙනවා. ඉරානය ඉකුත් දා පැවසුවේ අමෙරිකානු යුද නෞකා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගල්ෆ් මුහුදට පිවිසිය හොත් දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි. එහෙත්, එම අනතුරු ඇගවීම ලිහිල් කරමින් ඉරානය දැන් පවසන්නේ අමෙරිකානු යුද නෞක ගල්ෆ් මුහුදට පිවිසීම පුරුද්දක් වශයෙන් සිදුකරන්නක් නිසාත් එම ප‍්‍රදේශයේ ස්ථාවරව හමුදාව යෙදවීමට අමෙරිකාව උත්සහ කරන බවක් පෙනී නොයන නිසාත් දැන්ම කලබල නොවන බවයි.
0 comments:
Post a Comment