ගාල්ල බන්ධනාගාරයේ අද අළුයම නොසන්සුන්තාවක් ඇති වුණා' පළායාමට උත්සහ කළ රැදවූවන් තුන් දෙනෙකු සහ බන්ධනාගාර නිළධාරීන් අතර ගැටුමක් ඊට හේතුවයි' එලෙස පළායාමට උත්සහ කළ රැදවූවන්ගෙන් දෙදෙනෙකු සැකකරුවන් වනවා' අනෙක් තැනැත්තා අධිකරණයෙන් ද`ඩුවම් ලැබූවෙකු බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජී'ඩබ්ලිව්' කොඩිප්පිලි මහතා පවසන්නේ' ඔවුන්ගේ පහරදීමකින් බන්ධනාගාර නිළධාරීන් දෙදෙනෙකු තුවාල ලැබුවා' ඔවුන් දෙදෙනා මේ වන විට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි wm වාර්තාකරු පවසන්නේ' නිළධාරීන් විසින් කරන ලද වෙඩි තැබීමකින් පළායාමට උත්සහ කළ රැදවූවන් දෙදෙනෙකු ද තුවාල ලැබුවා' ඔවුන් දෙදෙනාද ප‍්‍රතිකාර ලබන්නේ කරාපිටිය ශික්ෂණ රෝහලේයි' පළායාමට උත්සහ කළ අනෙක් තැනැත්තාද නිළධාරීන් විසින් කොටු කර ගැනුණා'
0 comments:
Post a Comment