වැලිකඩ සිරකරුගේ කප්පම් සෙල්ලම

Saturday, January 21, 2012

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවෙකු විසින් මෙහෙයවන ලද කප්පම් ලබා ගැනීමේ ජාවාරමක් පොලීසිය විසින් හෙළිකර ගැනුනා. ඒ මාතර පිහිටි මූල්‍ය ආයතනයක කළමනාකාරවරයාට දුරකතනයෙන් කෙරුණු මරණීය තර්ජනයක් සම්බන්ධයෙන් විමර්ශනවලදීයි. වැලිකඩ බන්ධනාගාරයේ සුබසාධන නිලධාරීන් දෙදෙනෙකුද ජාවාරමට සම්බන්ධ බව හෙළිකර ගැනුනා. එම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. කප්පම් ලෙස ඉල්ලා සිටි මුදල් බැංකු ගිනුමක තැන්පත් කරන්නැයි තර්ජනයට ලක් වූ කළමනාකාරවරයාට උපදෙස් ලැබී තිබෙනවා. එම බැංකු ගිනුමේ හිමිකරුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. මුදල් බැංකුවෙන් නිදහස් කර ගැනීමෙන් පසු වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් ජාවාරම මෙහෙය වූ රැඳවූවාට ලබාදීම සඳහා සුබසාධක නිලධාරීන්ට ලබාදුන් බව කියන කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනුනා. 
මේ අතර කප්පම් ඉල්ලා දුරකතනයෙන් හෝ වෙනත් ආකාරයකින් තර්ජනය කෙරෙන්නේ නම් වහාම පොලීසියට පැමිණිලි කරන ලෙසයි පොලිස් ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ. කප්පම් ලබා ගැනීමේ ජාවාරම්වල නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ඉන් සහාය ලැබෙන බවද පැහැදිලි කෙරුණා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum