ලංවිමට වැඩියෙන් ඉල්ලා තිබුණු ‍දේත් නැතිවෙලා.

Saturday, January 21, 2012

ආණ්ඩුව විසින් මුලින් යෝජනා කරන ලද සියයට 18 ක වැටුප් වර්ධකය ප‍්‍රතික්‍ෂේප කරමින් වෘත්තීය සමිති විසින් සංශෝධිත වැටුප් වර්ධකයක් ලබා ගැනීමෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් අසාධාරණයකට ලක්ව තිබෙනවා. වැඩිම අසාධාරණයකට ලක්ව තිබෙන්නේ විධායක නොවන ශ්‍රේණියේ සේවකයන්. 
මූලික වැටුපෙන් සියයට 18ක වැටුප් වර්ධකය සමග කාර්ය සාධනය මත තවත් සියයට 5ක වැටුප් වර්ධකයක්ද රුපියල් 2500ක අනිවාර්ය මාසික දීමනාවක්ද ලබාදීමට මුලින් යෝජනා වුණා. එය ප‍්‍රතික්‍ෂේප කරමින් වෘත්තීය සමිති විසින් පසුව ලබා ගන්නා ලද වැටුප් වර්ධකය මූලික වැටුපෙන් සියයට 25ක්.
THE TRUTH කළ සොයා බැලීමකදී අනාවරණ වූයේ ලංකා විදුලිබල මණ්ඩලයේ විධායක නොවන ශ්‍රේණියේ පහළම මට්ටමේ සේවකයෙකුගේ අවම මූලික වැටුප රුපියල් 21,555ක් බවයි. මුලින් යෝජනා වූ පරිදි සියයට 18ක වැටුප් වර්ධකයත්, කාර්ය සාධනය මත සියයට 5ක වැටුප් වර්ධකය සහ රුපියල් 2500ක මාසික දීමනාවද එක්වූයේ නම් එම වැටුප රුපියල් 7457 යි ශත 65කින් පමණ වැඩි වනවා. එසේ වූයේ නම් වැටුප් වැඩිවීමේ ශුද්ධ අගය මූලික වැටුපෙන් සියයට 34 යි දශම 5ක්. එහෙත් වෘත්තීය සමිති විසින් ලබා ගන්නා ලද සංශෝධනය නිසා ඔවුන්ගේ වැටුප් වැඩිවීම රුපියල් 5388 යි ශත 75කට පමණ සීමා වනවා. එය ලැබීමට තිබූ වැටුප් වැඩිවීමට වඩා රුපියල් 2068 ශත 90ක පමණ අඩුවීමක්. 
මේ අතරලංකා විදුලිබල මණ්ඩලයේ විධායක ශේ‍්‍රණියේ සේවකයෙකුගේ සාමාන්‍ය මූලික වැටුප රුපියල් 65,700ක්. මුලින් යෝජනා වූ පරිදි නම් ඔවුන්ගේ වැටුප රුපියල් 17,611කින් හෙවත් මූලික වැටුපෙන් සියයට 26යි දශම 8කින් වැඩි වීමට නියමිතව තිබුණා. එහෙත් වෘත්තීය සමිති විසින් ලබා ගන්නා ලද සංශෝධනය නිසා ඔවුන්ට ලැබෙන්නේ රුපියල් 16,425ක වැටුප් වැඩිවීමක් පමණයි. එය ලැබීමට තිබූ වැටුප් වැඩිවීමට වඩා රුපියල් 1186ක අඩුවීමක්. 
ලංකා විදුලිබල මණ්ඩලයේ විධායක ශ්‍රේණියේ සේවකයන් ගණන 1219ක් වනවා. විධායක නොවන ශ්‍රේණියේ සේවකයන් ගණන 14,188ක්. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum