නව මැගසින් බන්ධනාගාරයේ අද දහවල් ඇති වු නොසන්සුන්තාව මේ වන විට පහව ගොස් තිබෙනවා. නොසන්සුන්තාව ඇති වුයේ අලූතින් පත්ව ආ බන්ධනාගාර අධිකාරිවරයාට එරෙහිව රැඳවුවන් පිරිසක් විසින් ආරම්භ කරන ලද විරෝධතාවක් හේතුවෙන්. බන්ධනාගාර අධිකාරිවරයා අත්තනෝමතිකව කටයුතු කරන බව ඔවුන් පවසනවා.
නව මැගසින් බන්ධනාගාරයේ රැඳවුවන් සිටින වාට්ටු ගණන 07 ක්. එහි කාර්යාල කාමරයට රැඳවුවන් විසින් ගිනි තබා තිබෙනවා. රැදවූවන් 25 දෙනෙකු පමණ වහලය මත නැගී වරෝධතාවක් ආරම්භ කළා. ගින්න නිවා දැමීමට ගිනි නිවීමේ රථ පැමිණිය ද රැදවුවන්ගේ ගල් මුල් ප්‍රහාර නිසා ගින්න නිවා දැමීමට හැකි වූයේ නැහැ.
දිගින් දිගටම එල්ල වු ගල් මුල් ප‍්‍රහාර හේතුවෙන් ගිනි නිවිමේ රථ බන්ධනාගාර පරිශ‍්‍රයෙන් ඉවත් කර ගැනුණා. නොසන්සුන්තාව පාලනය කිරීමට පොලිසිය කැරළි මර්දන ඒකකය සහ හමුදාව ද කැඳවු බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. කැරළි මර්දන ඒකකය විසින් කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළා. පසුව බන්ධනාර නිලධාරීන් විසින් රැඳවුවන් ඔවුන් රඳවා සිටි වාට්ටුවලට ඇතුළු කළ බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ. වහලය මත නැග සිටි රැඳවුවන්ගෙන් වැඩි පිරිසක් ද ඉන් බස්සවා වාට්ටුවලට ඇතුළු කෙරුණා. කෙසේ වෙතත් රැඳවුවන් කිහිපදෙනකු තව දුරටත් වහලය මත නැගි සිටින බවයි THE TRUTH වාර්තාකරු පවසන්නේ.
මේ අතර එල්.ටී.ටී.ඊ සැකකරුවන් පිරිසක් නව මැගසින් බන්ධනාගාරයෙන් ඉවත් කර වෙනත් බන්ධනාගාරවලට යවා තිබෙනවා. කාර්යාල කාමරයට ගිනි තැබීම නිසා ලිපි ගොනු රැසක් විනාශ වි ඇති බවයි බන්ධනාගාර නිලධාරීන් පැවසුවේ. බන්ධනාගාර නිලධාරින් 05 දෙනකු සහ රැඳවුවන් 26 දෙනකු තුවාල ලැබුවා. ඔවුන් ප‍්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් පී.ඩබ්ලිව්.කොඩිප්පිලි මහතා සම්බන්ධ කර ගැනීමට නෙත් ප‍්‍රවෘත්ති උත්සහ කළා. එහෙත් දුරකථනයට ප‍්‍රතිචාර නොදැක්වු නිසා එය සාර්ථක වුයේ නැහැ.
0 comments:
Post a Comment