සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා රිය අනතුරකින් තුවාල ලබා තිබෙනවා. අමාත්‍යවරයා ගමන් ගත් ජීප් රථය හබරණ හිරිවඩුන්න ප‍්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැනීමෙන් අනතුර සිදු වුණා. රථය කිහිප වරක් පෙරලී ගොස් ඇති අතර ඉන් නියෝජ්‍ය අමාත්‍යවරයා සහ රියදුරු තුවාල ලබා තිබෙනවා. ඔවුන් හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොළොන්නරුව මූලික රෝහල වෙත මාරුකර යැවුණා. අනතුරින් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ජීප් රථයට දැඩි හානි සිදුව ඇති බවයි THE TRUTH වාර්තාකරු සඳහන් කළේ.
0 comments:
Post a Comment