කොළඹ මැගසින් බන්ධනාගාරයේ පසුගිය දා ඇති වු කැරැල්ල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 20 දෙනකු මෙහෙයවා ඇති බව පරික්‍ෂණවලදී අනාරවණ වී තිබෙනවා. මෙම ජාවාරම්කරුවන් මැගසින් බන්ධනාගාරයේ රඳවා ඇත්තේ අධිකරණ නියෝග මතයි. බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් 06 දෙනකු ද ඊට සම්බන්ධ බවයි. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා. පරික්‍ෂණ පවත්වනු ලබන්නේ කොළඹ අපරාධ කොට්ඨාශය සහ පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යංශය පත් කළ කමිටුව විසින්. එම කමිටු වාර්තාව නිකුත් කිරීමට සතියක පමණ කාලයක් ගත වනවා. කැරැල්ල ඇති විමෙන් පසු කළුතර බන්ධනාගාරයට මාරු කර යැවු එල්.ටී.ටී.ඊ රැඳවුවන් 180 දෙනා තව දුරටත් එම බන්ධනාගාරයේම රඳවා තබනු ඇති. ඊට හේතුවී ඇත්තේ කැරැල්ල හේතුවෙන් මැගසින් බන්ධනාගාරයේ සිරමැදිරිවලට අලාභ හානි සිදුවීමයි.
0 comments:
Post a Comment