පෙබරවාරි මාසයේදී තවත් උපාධිධාරීන් පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගන්නා බව ආණ්ඩුව පවසනවා. අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේ උපාධිධාරීන් විසිදහසකට ආසන්න පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා නියමිත බවයි. 2005 වසරෙන් පසු උපාධිධාරීන් පනස් දහසකට පමණ ආණ්ඩුව විසින් රැකියා ලබාදී තිබෙනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ උපාධිධාරී සංගමය කොළඹ ඊයේ පස්වරුවේ පැවැති රැස්වීමකට එක්වෙමින්. උපාධිධාරී සේවා ව්‍යවස්ථාව සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡ කෙරුණා.
0 comments:
Post a Comment