මැගසින් බන්ධනාගාරයේ රැදවූවන් සහ නිලධාරීන් ගහගනියි

Tuesday, January 24, 2012

කොළඹ මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී වාතාවරණයක් මතුව ඇතැයි බොරැල්ල පොලීසිය පවසනවා. එම තත්වය පාලනය කිරීම සඳහා අතිරේක පොලිස් බලඇණි සහ යුද හමුදාවද කැඳවුවා. බන්ධනාගාර රැඳවූවන්ට  ආහාර ලබාදීම සීමා කිරීම නොසන්සුන්කාරී වාතාවරණය ඇති වීමට බලපෑ හේතුවයි. මෙහිදී වෙඩි තැබීමක්ද සිදුව තිබෙනවා. සිරකරුවන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර එම වෙඩි හුවමාරුව ඇති වූ බවයි වාර්තා වන්නේ. වෙඩි හුවමාරුවෙන් සිදු වූ දෑ මෙතෙක් අනාවරණ වී නැහැ. බන්ධනාගාරය තුළ ගිනි තැබීමක්ද සිදුව තිබෙනවා. එම නිසා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථද එම ස්ථානයට කැඳ වූ බවයි පොලීසිය ප‍්‍රකාශ කරන්නේ. මේ වන විටත් බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගයද වසා දමා තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum