නවක වදය ලබාදීමට චෝදනා ලබා සිටි පේරාදෙණිය සරසවි සිසුන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළා. නියෝගය පෙබරවාරි 9 වැනිදා වන තෙක් කි‍්‍රයාත්මකයි. නවක වදය ලබාදීම, පොළුවලින් පහරදීම සහ අස්වාභාවික ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනා යටතේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 25 දෙනෙකු අද අධිකරණයට කැඳවා තිබුණා. ඒ පොලීසිය අධිකරණයට ඉදිරිපත් කර තිබූ බී වාර්තාවක් සැලකිල්ලට ගනිමින්. මෙම 25 දෙනාගෙන් තිදෙනෙකු ශිෂ්‍යාවන්. කෙසේ වෙතත් මෙම පිරිසෙන් ශිෂ්‍යාවන් තිදෙනා ඇතුළු විසි දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
0 comments:
Post a Comment