විදුහල්පතිවරයෙකුගේ පහරකෑමට ලක් වූ බව කියන වයස අවුරුදු 12ක පාසල් සිසුවෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. දෙණියාය කැටවල කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන මදුවන්ත ඒකනායක නමැති එම සිසුවා පහරකෑමට ලක්ව ඇත්තේ ඊයේ (ජන 26) දිනයේයි. පාසලේ විදුහල්පතිවරයාගේ පුත‍්‍රයා සමග නිවාසාන්තර කී‍්‍රඩා තරගයකදී බහින්බස්වීමක් ඇතිකර ගැනීම පදනම් කර ගනිමින් මෙම පහරදීම සිදුකර ඇති බවයි සිසුවාගේ දෙමාපියන් පවසන්නේ. අනතුරුව ලේ වමනය ඇතුළු රෝග ලක්ෂණ හේතුවෙන් දෙණියාය රෝහළට ඇතුළත් කෙරුණු සිසුවා පසුව ඇඹිලිපිටිය රෝහලට මාරුකර යැවුණා. ඔහු මේ වන විට එහි සිවුවැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර මහමෝදර යශෝධරා බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ දරුවෙකු විදුහල්පතිනිය විසින් පාසලෙන් ඉවතට ඇද දැමීම සම්බන්ධයෙන් හික්කඩුව පොලීසියට අද පැමිණිල්ලක් ඉදිරිපත් වුණා. පාසලේ පන්ති කාමරවල තීන්ත ආලේප කිරීම සඳහා රුපියල් දෙදහසක මුදලක් ලබා නොදීමේ සිදුවීමක් ඊට පදනම් වී තිබෙනවා. මුදල් ලබා නොදීම පිළිබඳ එල්ල වන චෝදනා නිසා දැරිය පාසල් යාම ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.
ඒ පිළිබඳ විමසීමට ගිය තමා පාසල් භූමියෙන් බැහැර නොවන්නේ නම් පොලීසියට පැමිණිලි කරන බවට විදුහල්පතිනිය තර්ජනය කළ බවයි දැරියගේ මව පවසන්නේ. සිදුවීමට මුහුණ දුන් චලනි නිමන්තිකා දැරියගේ මව වන එල්.ඒ. සිරියාවතී මහත්මිය ඒ පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.
කෙසේ වෙතත් මේ පිළිබඳ මවගෙන් මෙන්ම විදුහල්පතිනියගෙන්ද හික්කඩුව පොලීසියට පැමිණිලි ඉදිරිපත් වී තිබෙනවා. ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවයි පොලීසියේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.

0 comments:
Post a Comment