රාජකාරි කටයුතු සඳහා පොලිස් ස්ථානවලට පැමිණෙන නීතිඥවරුන් සමග කටයුතු කළ යුත්තේ කෙසේ දැයි පොලිස් නිලධාරීන්ට ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා. ඒ, පොලිස් ස්ථානවලදී විවිධ අපහසුතාවන්ට ලක්වු නීතිඥයින් කිහිපදෙනකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමින්. කෙසේ වෙතත් රජයේ නීතිඥවරිය පැවසුවේ නීතිඥයින් සමග කටයුතු කළ යුත්තේ කෙසේ දැයි පොලිස් නිලධාරින්ට මග පෙන්වන මාර්ගෝපදේශ මාලාවක් දැනටමත් සකස් කර ඇති බවයි. ඒ සම්බන්ධවෙන් අවසන් තීරණයකට එළැඹිමට මාස 03 ක් වත් අවශ්‍ය බව ද රජයේ නීතිඥවරිය පැවසුවා. ඒ බව සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ පෙත්සම ලබන මැයි මස 23 වැනිදා යළි කැඳවන බවයි. මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් වු වාර්තාවක් එදිනට ඉදිරිපත් කරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කෙරුණා.
0 comments:
Post a Comment