කිරිඳිවැල ඌරාපොළ ප‍්‍රදේශයේ ඊයේ රාති‍්‍රයේ පැවැති විවාහ මංගල උත්සවයකදී සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු මියගියා. තුවාල ලැබූ තවත් 4 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා. පොලීසිය පවසන්නේ දෙපිරිසක් අතර බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහිඇනුම සිදු වී ඇති බවයි. සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ. මියගොස් ඇත්තේ වල්ගම්මුල්ල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පමණ පුද්ගලයෙක්. තුවාලකරුවන්ගෙන් දෙදෙනෙකු වතුපිටිවල රෝහලෙත්, අනෙක් දෙදෙනා කොළඹ ජාතික රෝහලේත් ප‍්‍රතිකාර ලබනවා.
0 comments:
Post a Comment