මිතුරු වෙස් ගත් හතුරා

Saturday, January 07, 2012

අරාබි මුහුදේ කොල්ලකරුවන් පිරිසක් ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි ඉරාන ධීවරයන් 13 දෙනෙකු අමෙරිකානු නාවික හමුදාව විසින් බේරා ගැනුනා. මාසයක් පමණ තිස්සේ එම ධීවරයන් පිරිස කොල්ලකරුවන් විසින් ප‍්‍රාණ ඇපයේ රඳවාගෙන සිටි බවයි අමෙරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනය පවසන්නේ. බේරා ගැනීමේ මෙහෙයුමේදී කොල්ලකරුවන් 15 දෙනෙකුද අත්අඩංගුවට ගත් බව පෙන්ටගනය පවසනවා. 
මේ අතර අමෙරිකාව විසින් මෙවැනි බේරා ගැනීමේ මෙහෙයුමක් සිදු කරනු ලැබුයේ එරට සහ ඉරානය අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා දිනෙන් දින පළුදු වෙමින් තිබියදීයි. ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළට අමෙරිකාවේ මෙන්ම සෙසු බටහිර රටවල් බොහෝමයකද විරෝධය පළ වනවා. න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර කරන්නැයි බල කරමින් ඉරානයට සම්බාධක පැනවීමට ඔවුන් පියවර ගත්තා. එහෙත් න්‍යෂ්ටික වැඩපිළිවෙළ නතර නොකරන බවයි ඉරානය පවසන්නේ. ගල්ෆ් කලාපයේ කටයුතුවලට ඇඟිලි ගැසීම නවතන්නැයි ඉරානය අමෙරිකාවට අනතුරු ඇඟවීමක් ද කළා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum