ලෝක යුද්ධයක් ගැන රුසියාවත් කථාකරයි

Thursday, January 19, 2012

බටහිර රටවල් ඉරානයට පහර දුනහොත් එය බලවත් විනාශයකට මුල පිරීමක් වනු ඇතැයි රුසියාව අනතුරු අඟවනවා. රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් සඳහන් කළේ ඉරානයේ යුද්ධයක් ඇති වුවහොත් එහි ජනතාව සරණාගතයින් වශයෙන් වෙනත් රටවලට සංක‍්‍රමණය වනු ඇති බවයි. එසේම ඉරාන යුද්ධය සමස්ත මැදපෙරදිගම ගිනිදැල්වලින් වසාලීමට හේතුවනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නා. කෙසේ වෙතත් බි‍්‍රතාන්‍ය විදේශ කටයුතු ලේකම් කාර්යාලය පවසන්නේ ඉරානය මත යොදවා ඇත්තේ ජාත්‍යන්තර පීඩනයක් පමණක් බවයි. න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන ඉවත්කර ගැනීම පිළිබඳ ස්ථාවර මතයක් ඉරානයෙන් ප‍්‍රකාශ වන තුරු පීඩනය මුදාහැරීම ඔවුන්ගේ අරමුණයි. මැදපෙරදිග ඉරානයේ ප‍්‍රතිවාදියා වන ඊශ‍්‍රායලය යුද්ධයක් හට නොගන්නා බවට  සංඥා කර තිබෙනවා. එරට විදේශ අමාත්‍යවරයා ප‍්‍රකාශ කර ඇත්තේ ඉරානයට එරෙහි ප‍්‍රහාරයක් එල්ල කිරීමේ තීරණය ඉතා ඈත පවතින එකක් බවයි. මේ අතර ඉරාන රජය තුර්කියේ ඉස්තාන්බුල් හිදි මේ පිළිබඳ සාකච්ඡ පැවැත්වීමට මූලික එකඟතාවක් පළ කර තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum