පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් අයථා ලෙස වෙනත් පුද්ගලයින් වෙත භාර කිරීමේ ප‍්‍රවණතාවක් වර්ධනය වී ඇති බවට පරිසර සංවිධාන එකමුතුව චෝදනා කරනවා. පරිසවේදී සජීව චාමිකර මහතා පැවසුවේ මෙම අයථා කි‍්‍රයාදාමය ඔස්සේ එම අලි ඇතුන්ට මෙන්ම ඔවුන් රැුක බලා ගන්නා කැපකරු මවුපියන්ටද අසාධාරණයක් සිදුවන බවයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් චාමිකර මහතා මේ බව හෙළි කළා.
අලි ඇතුන් නීති විරෝධී ලෙස තමන් භාරයේ රඳවා ගන්නා පුද්ගලයින් ආරක්ෂා කිරීමද මෙමගින් සිදුවන බවට චෝදනා කෙරුණා.
0 comments:
Post a Comment