රුපියල තවදුරටත් අවප‍්‍රමාණය කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලක් රජයට දැනුම් දී තිබෙනවා. මෙරට සංචාරකයක නිරත වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි රජයේ ආරංචි කරන්නේ. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ වාර්තාවක සඳහන් වන්නේ පසුගිය වසර අගභාගය වන විට මෙරට විදේශ වෙළෙඳාම පුළුල් වී ඇති බවයි. 2011 වසරේ නොවැම්බර් මාසයේ අපනයන ඉපැයුම සියයට 11 යි දශම 6කින් වැඩි වී තිබෙනවා. එ් අනුව එම මාසයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 879ක්. පසුගිය නොවැම්බරයේ ආනයන වියදමද සියයට 78කින් වැඩි වුණා. එය ඩොලර් මිලියන 198ක් වනවා. ලෝක වෙළෙඳ පොළේ බොරතෙල් මිල ඉහළ යාම සහ ආයෝජන භාණ්ඩ ආනයනය කිරීම නිසා වියදම වැඩි වූ බවයි මහ බැංකුව ප‍්‍රකාශ කරන්නේ.
0 comments:
Post a Comment