පකිස්තාන හමුදාව එරට අග‍්‍රාමාත්‍ය යූසුෆ් රාසා ගිලානිට අනතුරු අඟවීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් හමුදාව පවසන්නේ අග‍්‍රාමාත්‍යවරයා පදනම් විරහිත චෝදනා කරමින් හමුදාව අවමානයට ලක් කරන බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන්නේ යැයි අග‍්‍රාමාත්‍යවරයා ඉකුත්දා හමුදාවට චෝදනා කළා. හමුදාව විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු විමර්ශන වාර්තාවක් ඊට හේතුවයි. එම වාර්තාවෙන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන බව අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.
0 comments:
Post a Comment