පකිස්තානයේ ලාහෝර් නුවර හෘද රෝගීන් 70කට වැඩි පිරිසක් වැරදි ඖෂධ ලබාදීම නිසා ඉකුත් සති තුනේදී මියගොස් තිබෙනවා. තවත් 400කට වැඩි පිරිසක් අසාධ්‍ය තත්වයේ පසුවන බවයි බී.බී.සී. ලෝක සේවය පවසන්නේ. ඔවුන්ට ලබාදී ඇති ඖෂධය රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ‍්‍ර කර නිපදවන්නක් බවද බී.බී.සී. ලෝක සේවය පවසනවා. ඖෂධය වැරදි එකක් වී තිබෙන්නේ එලෙස රසායන ද්‍රව්‍ය මිශ‍්‍ර කිරීම දෝෂ සහිත වීමෙන්. ඖෂදයේ නිෂ්පාදිත දිනයක් හෝ කල් ඉකුත්වන දිනයක් සඳහන් කර නැහැ. ඒවා නිපදවූ බව කියන පකිස්තානයේ ඖෂධ සමාගම් 3ක හිමිකරුවන් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඖෂධයේ සාම්පල් කිහිපයක් වැඩිදුර පර්යේෂණ සඳහා බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරට සහ ප‍්‍රංශයේ පැරිස් නුවරට යවා තිබෙනවා.
0 comments:
Post a Comment