ශ‍්‍රී ලංකාව සමග පැවති එක්දින ක‍්‍රිකට් තරගාවලිය තුනට දෙකක් ලෙස ජයගැනීමට දකුණු අප‍්‍රිකාව සමත් වුණා. එහෙත්, ඊයේ (ජන 22) පැවති තරගාවලියේ අවසන් තරගයෙන් ජය හිමිවූයේ ශ‍්‍රී ලංකාවටයි. ජොහැන්නස්බර්ග් හී වොන්ඩර්ස් ක‍්‍රීඩාංගණයේ දී තරගය පැවැත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකාව කඩුලූ 04 ක් දැවී ලකුණු 312 යි. ගේ‍්‍රම්ස්මිත් සහ ඒ.බී. ඩිවිලියස් ලකුණු 125 බැගින් ලබාගත්තා. එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ එක් තරගයකදී දකුණු අප‍්‍රිකානුවන් දෙදෙනෙකු ශතක රැස්කළ 11වන අවස්ථාව එයයි.
ලසිත් මාලිංග කඩුලූ 02 ක් බිද හෙළුවත් ඔහුට එරෙහිව ලකුණු 79 ක් ලබාගැනීමට දකුණු අප‍්‍රිකානුවන් සමත් වුනා. එක්දින ක‍්‍රිකට් තරගයකදී ලසිත් මාලිංගට එරෙහිව ප‍්‍රතිවාදීන් විසින් ලකුණු 75 කට වැඩියෙන් රැස්කළ 05 වන අවස්ථාව එයයි. පිලිතුර ඉනිම ක‍්‍රීඩා කළ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවාරයේ 05 වන පන්දුවේ දී නියමිත ලකුනු සංඛ්‍යාව පසුකර ගියා. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ කුමාර් සංගක්කාර ලකුණු 102 කයි. ළහිරු තිරිමාන්න ලකුණු 69 ක් ලබාගත්තා. ශ‍්‍රී ලංකා කණ්ඩායම මීට පෙර තරගය ද ජයගත්තේ ලකුණු 300 ට වැඩි ඉලක්කයක් හඹා යමින්. කිසියම් කණ්ඩායමක් පිට පිට තරග 02 කදී ලකුණු 300 ට වැඩි ඉලක්කයක් හඹාගොස් ජයගත් ලෝක ඉතිහාසයේ දෙවන අවස්ථාව එය වනවා. තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ කුමාර් සංගක්කාරයි. ඒ.බී.ඩිවිලියස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තා.
0 comments:
Post a Comment