මැද පෙරදිග රටවල් අමෙරිකාව සමග සම්බන්ධතා අත්හළ යුතු බව ඉරානය පවසනවා. ඉරානය ඒ බව පවසන්නේ අමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් දිගින් දිගටම කෙරෙන බලපෑම්වලට ප‍්‍රතිචාර දක්වමින්. න්‍යෂ්ටික අවි නිපදවීමට පරීක්ෂණ සිදුකරන බව ඉරානයට නැගෙන චෝදනාව වනවා. එහෙත්, න්‍යෂ්ටික පරීක්ෂණ සිදුකරන්නේ සාමකාමී අරමුණකින් බවයි ඉරානය දිගින් දිගටම අවධාරනය කරන්නේ.
මේ අතර බටහිර රටවල් සිරියාවට එරෙහිව නැගී සිටියහොත් මහා පරිමාණයේ යුද්ධයක් ඇති වනු ඇතැයි රුසියාව අනතුරු අගවනවා. සිරියාවේ ආණ්ඩු විරෝධී කැරළිකරුවන්ට දිගින් දිගටම ආණ්ඩුවේ හමුදා විසින් පහරදෙන බවයි බටහිර රටවල් පවසන්නේ. එය ප‍්‍රචණ්ඩ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය උල්ලංඝනය කරන්නක් බව ද බටහිර රටවල් පවසනවා.
0 comments:
Post a Comment