ඉතාලි බල්ලා ලාංකික හොරා අල්ලයි

Thursday, January 26, 2012

යුරෝ හාර ලක්ෂ විසිහතර දහසක් හෙවත් රුපියල් හය කෝටියකට ආසන්න මුදලක් මිලානෝ ගුවන් තොටින් ගෙනයාමට උත්සාහ කළ ඉතාලියේ ජීවත්වන ශ‍්‍රී ලාංකිකයෙක් ඉතාලි විනිමය හා දූෂණ මර්ධන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට පත් ශී‍්‍ර ලාංකිකයා වසර විස්සක් පුරා ඉතාලියේ ජීවත් වූ අයෙක් වන අතර ටැන්ගෝ නම් සුනඛයා විසින් මෙම මුදල් බෑගය සොයාගෙන ඇත.මෙතරම් මුදල් ප‍්‍රමාණයක් ඔහුට ලැබුණේ කෙසේදැයි යන්න පිළිබඳව මිලානෝ පොලිසිය පරීක්‍ෂණ පවත්වන බව පැවසේ. ඉතාලියේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයකුට නිත්‍යානුකූලව අතේ රැගෙන යා හැක්කේ උපරිම යුරෝ දසදහසක් පමණයි. ඊට වඩා වැඩි මුදලක් වෙතොත් ඉතාලි රජය පිළිගත් බැංකු හා මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් මගින් ශ‍්‍රී ලංකාවේ ගිණුමකට බැරකළ යුතු බවද පැවසේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum