O/L ප‍්‍රශ්ණ පත‍්‍ර අතුරුදන් වීම ගැන පරීක්ෂණයක්

Sunday, January 08, 2012

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ බුද්ධ ධර්මය දෙවන ප‍්‍රශ්න පත‍්‍රයේ පිළිතුරු පත‍්‍ර 05 ක් අතුරුදන්වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඇඹිලිපිටිය මහා විiාලයේ අංක 134 දරණ විභාග මධ්‍යස්ථානයට අයත් ප‍්‍රශ්න පත‍්‍ර 05 ක පිළිතුරු පත‍්‍ර මෙලෙස අතුරුදන් වී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කරන්නේ. ඒ පිළිිබ`ද පරීක්ෂණය පවත්වනු ලබන්නේ විභාග ඇගයීම් ශාඛාව විසින්. පරීක්ෂණ වාර්තා ලැබුණු පසු වරදකරුවන්ට දඩුවම් ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්ප කුමාර මහතා ප‍්‍රකාශ කළා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum