එංගලන්තයේ එසෙක්ස් ප‍්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ මර්වින් වෙස්ට්ෆීල්ඞ් තරග පාවාදීම සම්බන්ධයෙන් වරදකරුවෙකු කෙරුණා. ඒ ලන්ඩන් හි මධ්‍යම අපරාධ අධිකරණය විසින්. තරග පාවාදීමක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වූ පළමු එංගලන්ත කි‍්‍රකට් කී‍්‍රඩකයාද මර්වින් වෙස්ට්ෆීල්ඞ් වනවා. ඩර්හැම් ප‍්‍රාන්ත කණ්ඩායම සමග තරගයක පළමු පන්දුවාරයේදී ලකුණු 12ක් ලබාදීමට යූරෝ හයදහසක් ලබා ගත් බවටයි ඔහු චෝදනාවට ලක්ව සිටියේ. දඬුවම් නියම කිරීම ලබන මස 10 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා. උපරිම දඬුවම වසර 7ක සිරගත කිරීමක් විය හැකි බවයි නීතීඥයන් පවසන්නේ.
0 comments:
Post a Comment