සිරිකොත යළි ගෙඩනැගීම සදහා කෙරෙන අරමුදල් රැස්කිරීමට විරුද්ධ වන්නේ සිරිකොතට පහරදුන් පිරිසම බව විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. රනිල් වික‍්‍රමසිංහ මහතා ඒ බව පැවසුවේ බේරුවල නගරයේ ඊයේ (පෙබ 03) පැවති ජනහමුවකදීයි. එම ජනහමුව සංවිධාන කර තිබූ ස්ථානයට සමීප ස්ථානයක දී විපක්ෂ නායකවරයාට විරෝධය පළකරන උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඊට එක්වූ බේරුවල ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු වන චමිල රණසිංහ මහතා පැවසුවේ රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සැබෑ නායකයා නොවන බවයි.
0 comments:
Post a Comment