එස්. ඕ.එස්. ළමා ගම්මානයේ ලිංගික අතවරයට වරදකරු මෙන්න

Saturday, February 04, 2012

පිලියන්දළ එස්. ඕ.එස්. ළමා ගම්මානයේ දී දැරියකට ලිංගික අතවර කළේ යැයි එම ළමා ගම්මානයේ අධ්‍යක්ෂකවරයෙකු වූ රෝහණ කුමුදුජිත් මහතා ඊයේ (පෙබ 03) වරදකරු කෙරුණා. ඒ, පානදුර මහාධිකරණයේ දීර්ඝ නඩු විභාගයකින් පසුවයි. ද`ඩුවම් නියම කිරීම ලබන 17 වනදාට කල් තැබූ මහාධිකරණය රෝහණ කුමුදුජිත් මහතා එදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ඒ මහතාට එරෙහිව තවත් නඩු 04 ක් පානදුර මහාධිකරණයේ සහ කැස්බෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙනවා. එම නඩුවලින්ද ඒ මහතාට චෝදනා නගා ඇත්තේ එස්. ඕ.එස්. ළමා ගම්මානයේ දැරියන්ට ලිංගික අතවර කළ බවටයි. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum