ඉන්දුනීසියාවේදීත් හොරකම් කළ ශ්‍රී ලාංකිකයෝ

Monday, February 06, 2012

ව්‍යාජ ඒ ටී එම් කාඞ්පත් භාවිත කරමින් මුදල් වංචා කළ ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ඉන්දුනීසියාවේ ජකර්තා හීදි ඊයේ (පෙබ 05) අත්අඩංගුවට ගැනුණා. විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඉන්දුනීසියානු බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි. සැකකරුවන් දෙදෙනා ව්‍යාජ ඒ ටී එම් කාඞ්පත් භාවිත කරමින් වංචා කර ඇති මුදල රුපියල් මිලියන සියයකට අධිකයි. මොවුන් ජකර්තා නගරයේ දී ව්‍යාජ ඒ ටී එම් කාඞ් පතක් මගින් මුදල් ලබාගනිමින් සිටිය දී අත්අඩංගුවට ගැනුණු බවයි ඉන්දුනීසියානු වාර්තා අනාවරණ කළේ. මාස 06 ක පමණ කාලයක් තිස්සේ මොවුන් මෙම මුදල් වංචාවේ නිරතව සිට තිබෙනවා. ඊට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා ඉන්දුනීසියානු ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන්. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum