ගෑස් බහී

Thursday, February 02, 2012

ගෑස් මිලට කඩිනම් සංශෝධනයක් ලබාදීමේ හැකියාවක් නැතැයි පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල වර්ධනය වෙමින් පැවතියද මෙරට ගෑස් මිල ඊට අනුපාතිකව වෙනස් කළ නොහැකි බවයි එහි ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ. ලෝක වෙළෙඳපොලේ ගෑස් ටොන් එකක මිල ඊයේ දිනය වන විට අමෙරිකානු ඩොලර් 1031 දක්වා වර්ධනය වී තිබුණා. මෙම වර්ධනය වීමේ ප‍්‍රවණතාව ආරම්භ වූයේ ජනවාරි මාසයේ මැදභාගයේ සිටයි. එහෙත් වත්මන් ගෑස් මිල තීරණය කිරීමේදී අදාළ කර ගැනෙන්නේ ඉකුත් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන් පමණයි. එ් අනුව මිල සූත‍්‍රයට පරිබාහිරව මිල සංශෝධනයක් ලබා දිය නොහැකි බව එම ප‍්‍රකාශකයා පැවසුවා. මීළඟ ගෑස් මිල සංශෝධනය මාර්තු මාසයට යෙදී තිබෙනවා. මීට පෙර සංශෝධනයේදී ලාෆ් සමාගම ගෑස් සිලින්ඩරයක් සඳහා රුපියල් 207ක මිල වැඩිවීමක් ඉල්ලා සිටියා. එහෙත් එය ප‍්‍රතික්‍ෂේප වූ අතර මේ වන විට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 2046කටයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum