ප‍්‍රභාකරන්ගේ හිට්ලර් පිස්සුව

Thursday, February 02, 2012

වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ජර්මනියේ නාසි හමුදාවේ ආදර්ශ එල්.ටී.ටී.ඊ.ය තුළ කි‍්‍රයාත්මක කිරීමේ උන්මාදයකින් සිටි බව ඔහුගේ හිටපු සමීපතමයෙකු පවසනවා. එල්.ටී.ටී.ඊ.ය ආරම්භයේ එහි භාණ්ඩාගාරකවරයා ලෙස කටයුතු කළ ගනේෂන් අයියර් මෙම හෙළි කිරීම සිදුකර ඇති බවයි කලම්බු ටෙලිග‍්‍රාෆ් වෙබ් අඩවිය පවසන්නේ. ඔහු විසින් රචිත ප‍්‍රභාකරන්ට එරෙහි සටන්කාමීන් සහ ඊළාම් යුද්ධයේ මගේ වාර්තා යන ග‍්‍රන්ථයෙන් මේ බව හෙළිකර ඇතැයි එම වෙබ් අඩවිය කියා සිටියා. ජර්මනියේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් සිය හමුදාව තුළ පවත්වාගත් විනය එල්.ටී.ටී.ඊ.ය තුළ ආදේශවනු දැකීම ප‍්‍රභාකරන්ගේ සිහිනයක් වූ බවයි ඔහු පවසන්නේ. හිට්ලර්ගේ ආචාර සංඥාව සංවිධානය තුළ පිළිපැදීමට එකඟ නොවූ කුමනන් නමැති සිය හිතවාදියා ඝාතනය කිරීමටද ප‍්‍රභාකරන් නොපැකිළුණු බව ගනේෂන් අයියර් සඳහන් කර තිබෙනවා. හිට්ලර්ගේ භාවිතාවන් ඔස්සේ ඉලක්ක දිනා ගැනීමට එකඟ නොවූ පිරිසක් ලෙස උමා මහේෂ්වරන් ඇතුළු කණ්ඩායම පසුව එල්.ටී.ටී.ඊ.යෙන් වෙන්ව ගියා. එම කණ්ඩායම සමග තමාද එක් වූ බව ගනේෂන් අයියර් සිය ග‍්‍රන්ථයේ දක්වා තිබෙනවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum