ණය ගන්න දැන්නං අමාරු වෙයි

Saturday, February 04, 2012

ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ක‍්‍රමයේ වැදගත් වෙනස්කම් කිහිපයක් ඊයේ (පෙබ 03) සිදුකළා. ප‍්‍රති විකුණුම් අනුපාතය සියයට 08 යි දශම 05 සිට සිියට 09 දක්වා වැඩි කිරීම එක් වෙනස්කමක්. ප‍්‍රති මිළදී ගැනීම් අනුපාතය සියයට 07 සිට සියයට 07 යි දශම 05 ක් දක්වා වැඩි කිරීම තවත් වෙනස්කමක් වනවා. එම වෙනස්කම් නිසා වාණිජ බැංකුවල තැන්පත් මුදල් ස`දහා ගෙවනු ලබන පොළී අනුපාතයත්, ණය ස`දහා අයකෙරෙන පොළී අනුපාතයත් වැඩිවනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ. ණය ලබාදීම කැපී පෙනෙන ලෙස අඩු කරන්නැයි ද මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් දී තිබෙනවා. වාණිජ බැංකුවලින් ණය ලබාදීම ඉකුත් වසරේ දී සියයට 35 කින් පමණ වැඩි වූ බවයි වාර්තාවල දැක්වෙන්නේ. එය සියයට 18 ක් දක්වාවත් අඩු කළ යුතු බව මහ බැංකුවේ උපදෙස වී තිබෙනවා. 
මේ අතර රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශත විස්සකින් අව ප‍්‍රමාණය කිරීමටද මහ බැංකුව අද පියවර ගත්තා. මෙතෙක් පැවති මිළ දී ගැනීමේදී වටිනාකම වූයේ රුපියල් 113 යි ශත 90 ක්. අද සිට එය රුපියල් 114 යි ශත 10 ක් දක්වා වැඩි කෙරුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum