ශ්‍රී ලාංකිකයන්ට කුඩු පෙවූ තායි කත

Saturday, February 04, 2012

තායිලන්ත ජාතික කාන්තාවක් කොකේන් වර්ගයේ මත්කුඩු සමග කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ දී ඊයේ (පෙබ 03)අත්අඩංගුවට ගැනුණා. පොලීසිය පවසන්නේ ඩුබායි හී සිට ශ‍්‍රි ලංකාවට පැමිණි එම කාන්තාවගේ ගමන් මල්ලේ තිබී කොකේන් කිලෝග‍්‍රෑම් 01 හමාරකට ආසන්න ප‍්‍රමාණයක් සොයා ගත් බවයි. චොක්ලට් පෙට්ටි ලෙස ඇගවෙන පරිදි ඒවා අසුරා තිබූ බව ද පොලීසිය පවසනවා. දැනට ඇස්තමේන්තු කර ඇති පරිදි  ඒවායේ වටිනාකම රුපියල් කෝටි 02 හමාරක්. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum